Lanka model gossip

Archive

විවාහක කාන්තාවක සැමියා ඉදිරිපිට සමූහ
දූෂණ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙයි

ඉන්දියාවේ අම්බෝලිහි මුඩුක්කු ජනාවාස ප‍්‍රදේශයකදී 28 හැවිරිදි විවාහක කාන්තාවක සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ. කාන්තාව සැමියා සමග ඊයේ 31 සඳුදා කුලියට නවාතැන් නිවසක් සොයමින් සිදු කළ ගමනකදී රැය බෝවී පැමිණෙන අවස්ථාවක පිරිසකගේ ග්‍රහණයට නතුව ඇති අතර පසුව මෙම සමූහ දූෂණය සිදුව ඇත. සිය ස්වාමියාට පහරදී
තල්ලූකර දැමූ පිරිස 8 දෙනෙකු පමණ එක්වී තමාව දූෂණය කළ බව කාන්තාව පවසා ඇත.
සිද්ධියෙන් පසුව ඇය පොලිසියට පැමිණ සිද්ධිය විස්තර කර තිබෙන අතර මේ වනවිට ස්ත‍්‍රී දූෂණයට සම්බන්ධවූ 8 න් 7 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවත් පළා ගොස් සිටින ඉතිරි කෙනා ලූහුබැඳීම අරඹා ඇති බවත් පොලිසිය දන්වා ඇත.
කාන්තා හිංසනය ගැන ඉන්දියාවේ පසුගිය කාලයේ යටපත්ව තිබූ කතාබහ මේ නිසා යළි අලුත් වී ඇත.

-----------------------

0 comments

Post a Comment

Latest ...

Stats