Lanka model gossip

Archive

 දරුවන් පස්දෙනෙකු මෙලොවට දායාද කළ මව්පිය
දෙපලකට කළ අහස පොළොව නුහුලන අපරාධය

ඉතා අසීරුවෙන් ජීවිතය ගටගසා ගැනීමට වෙර දැරූ අසරණ අඹුසැමි යුවළකගේ නිවසකට ගිනිතබා තිබෙනවා.ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයෙනුයි එම අවසානාවන්ත සිද්ධිය වාර්තා වන්නේ.මෙලෙස ගිනි තබා ඇත්තේ දරුවන් පස් දෙනෙකු ලෝකයට සුජාත කළ මව්පියන් දෙපලක් ජීවත්වූ නිවසකටයි.

ඔවුන් දෙදෙනා ප්‍රදේශයේ කුරුඳු ඉඩම් වල කුරුඳු තලමින් සිය ජීවිකාව කරගෙන ගොස් තිබෙනවා.මේ

ගිනි තැබීම 27 වනදා රාත්‍රියේ සිදුව ඇති බවයි කරන්දෙණිය පොලිසිය සඳහන් කළේ.

මෙම නිවසට ගිනි තැබීම හේතුවෙන් 45 හැවිරිදි සැමියා මියගොස් තිබෙනවා.සැමියාගේ බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර කරන්දෙණිය පොලිසිය වසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-----------------------

0 comments

Post a Comment

Latest ...

Stats