Lanka model gossip

Archive

බීමතින් නිවසට පැමිණි සැමියාට බිරිඳ
විසින් උණු තෙල් හලා කරපු අමුතු වැඩේ

බිරිඳක් විසින් සිය සැමියාගේ ශරීරයට උණු තෙල් වත්කර පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.මෙම සිදුවීම වාර්තාවන්නේ කටුගස්තොට ප්‍රදේශයෙන්.සිය සැමියා ඝාතනය කිරීමෙන් පසු ඇය විසින් පොලිසියට පැමිණ තිබුණේ සැමියා ඝාතනයට යොදාගත් පොල්ලද රැගෙනයි.

එහදී එම කාන්තාව විසින් පොලිසියට පවසා තිබුණේ පසුගිය දිනෙක සිය සැමියා බීමතින් පැමිණ

ආබාධිත දියණියට අතවර කිරීමට උත්සාහ කළ බවයි.

එම අවස්ථාවේදී තමන් විසින් සැමියාගේ ඇඟට උණු තෙල් වත්කර පොල්ලකින් පහරදුන් බව ඇය විසින් පොලිසියට කළ හෙළිදරව්වේ සඳහන් වෙනවා.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන්.

ඔහු සිය නිවසේ මියගොස් තිබියදී ඔහුගේ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.අදාළ කාන්තාව කටුගස්තොට පොලීසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට පෙර විවිධ වැරදි සම්බන්ධව බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

-----------------------

1 comments

  1. Travis Smith  

    Quality articles or reviews is the main to invite the people to pay a quick visit the web site, that's what this site is providing. capitalone.com

Post a Comment

Latest ...

Stats